කොළඹ වරායේ මෙහෙයුම් ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එහි බටහිර බහලුම් පර්යන්තය හරහා මෙහෙයවන ලද බහලුම් ප්රමාණය මිලියනයක සීමාව පසු කර තිබෙනවා.
බහලුම් මිලයනයක සීමාව අඩුම කාලයක දී සපුරා ගත් මෙරට වරාය පර්යන්තය වන්නේ බටහිර බහාලුම් පර්යන්තයයි.
එහි ඉදිකිරීම් කටයුතු තවමත් අදියර වශයෙන් ක්රියාත්මක වන පසුබිමක මෙවැනි ඉලක්කයක් සපුරා ගැනීම විශාල ජයග්රහණයක් බව ශ්රී ලංකා වරාය අධිකාරිය පවසනවා.





