පසුගිය වසර තුළ ශ්‍රී ලංකා ආර්ථික වර්ධන වේගය 5.0%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්ථාවක දක්වෙනවා.
එම වාර්ථාවේ දැක්වෙන්නේ දිට්වා සුලි කුණාටුවේ බලපෑම මධ්‍යයේ වුවද 2025 වසරේ සිව්වන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 4.8 ක් බවයි.
කෙසේ වුවද, දිට්වා හානිය මෙන් නොව, ඉරාන යුද්ධය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් කරමින් ඇති බැවින් මේ වසරේදී ආර්ථික වර්ධනය මෙවන් මට්ටමක පවත්වා ගැනීම අභියෝගයක් වනු ඇති.
2024 වර්ෂයේ ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් බිලියන 12,508.9ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2025 වර්ෂයේ දී රුපියල් මිලියන 13,128.5ක් දක්වා වර්ධනය වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව 2025 වර්ෂයේ ඇස්තමේන්තු කළ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 5.0 ක්.
මෙම වාර්ථාවට අනුව ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු සහ සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 1.4 ක්, සියයට 7.8 ක් සහ සියයට 3.3 ක් වශයෙන් වර්ධනය වී තිබෙනවා.
එම සංරචක 2025 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලැබූ දායකත්වයන් පිළිවෙලින් සියයට 8.4 ක්, සියයට 25.4 ක්, සහ සියයට 54.6 ක්.
එසේම භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු 2025 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය සියයට 11.6 ක්.
2025 වසරේ ආර්ථික කාර්ය සාධනය නිරීක්ෂණය කිරීමේ දී, වාහන ආනයන සීමා ඉවත් කිරීම හරහා ‘යහපත් ආර්ථිකයක්’ පිළිබඳ ජනතාවගේ අපේක්ෂාවන් කෙරෙහි ඇති කළ බලපෑම, මූල්‍ය සේවා, රක්ෂණ සේවා සහ මෝටර් රථ අලුත්වැඩියාව ඇතුළු තොග සහ සිල්ලර වෙළඳාම ඔස්සේ ආර්ථිකයේ වාර්තා වූ ප්‍රසාරණය ද ප්‍රධාන වශයෙන් පිළිබිඹු වී තිබෙනවා.
එමෙන්ම 2024 වර්ෂයේ දී සියයට 0.6 ක ධන වර්ධනයක් වාර්තා කර තිබු කෘෂිකාර්මික අංශයේ ආර්ථික කටයුතු 2025 වර්ෂයේ දී සමස්තයක් වශයෙන් සියයට 1.4 ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබීම කැපී පෙනෙන කරුණක්.
මෙම ධනාත්මක වර්ධනය තුළ සත්ව නිෂ්පාදන 10.5%ක්, පොල් ඇතුලත් තෙල් සහිත පළතුරු බෝග වගාව 8.2%ක්, වී වගාව 5.3%ක්, තේ වගාව 1.4%ක් ලෙස ධනාත්මක වර්ධන වේගයන් වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් වර්ෂය තුළ විටින් විට පැවති අයහපත් කාළගුණ තත්වයේ බලපෑමෙන් ඇතැම් කෘෂිකාර්මික ආර්ථික කටයුතු වල පසු බැසීම් වාර්තාකර ඇති අතර එහිදී කැපී පෙනෙන්නේ, එළවළු වගාව 7.1%කින් සහ මිරිදිය ධිවර කටයුතු 45.3%කින් පසු බැසීමයි.
2024 වර්ෂයේ දී සියයට 11.1 ක වර්ධනයක් වාර්තා කර තිබු සමස්ත කර්මාන්ත ආර්ථික කටයුතු 2025 වර්ෂයේ දී පෙන්වා ඇත්තේ සියයට 7.8 ක ප්රසාරණයක් පමණයි.
මෙම වර්ධනය සදහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් ඉදිකිරිම් කර්මාන්තය 9.2%ක් සහ පතල් හා කැනිම් කර්මාන්තය 16.9%ක ධන වර්ධනයන් වාර්තා කර තිබෙනවා.
මේ අතර 2024 වර්ෂයේ දී 2.4% ක ධන වර්ධනයක් වාර්තා කර තිබූ මෙරට සේවා ආර්ථික කටයුතු 2025 වර්ෂයේ දී 3.3%ක ධන වර්ධනයක් වාර්තා කර තිබෙනවා.
සේවා අංශයේ වාර්තා වී ඇති මෙම වර්ධනය සදහා ‘රක්ෂණ, ප්රතිරක්ෂණ හා විශ්‍රාම අරමුදල් සේවා කටයුතු, ‘තොරතුරු තාක්ෂණ සේවා සැපයිමේ කටයුතු’ නවාතැන් හා ආහාර පාන සැපයීම් සේවා’, ‘මූල්‍ය සේවා ක්‍රියාකාරකම්’ ආදී බොහෝ සේවා ආර්ථික කටයුතුවල ප්‍රසාරණයයි.
දළ දේශීය නිෂ්පාදිතය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
2024 – රුපියල් බිලියන 12,508.9
2025 – රුපියල් බිලියන 13,128.5
ඒ අනුව 2025 වර්ෂයේ ඇස්තමේන්තු කළ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 5.0 ක්
කෘෂිකාර්මික ආර්ථික කටයුතු- 1.4% ක්
කර්මාන්ත ආර්ථික කටයුතු – 7.8% ක්
සේවා ආර්ථික කටයුතු – 3.3% ක්
2025 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයට දැක්වූ දායකත්වයන්
කෘෂිකාර්මික ආර්ථික කටයුතු – 8.4% ක්
කර්මාන්ත ආර්ථික කටයුතු – 25.4% ක්
සේවා ආර්ථික කටයුතු – 54.6% ක්
භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු 2025 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය 11.6% ක්.
2025 වසරේ ආර්ථික කාර්ය සාධනය නිරීක්ෂණය කිරීමේ දී, වාහන ආනයන සීමා ඉවත් කිරීම හරහා ‘යහපත් ආර්ථිකයක්’ පිළිබඳ ජනතාවගේ අපේක්ෂාවන් කෙරෙහි ඇති කළ බලපෑම, මූල්‍ය සේවා, රක්ෂණ සේවා සහ මෝටර් රථ අලුත්වැඩියාව ඇතුළු තොග සහ සිල්ලර වෙළඳාම ඔස්සේ ආර්ථිකයේ වාර්තා වූ ප්‍රසාරණය ද ප්‍රධාන වශයෙන් පිළිබිඹු වනවා
කෘෂිකාර්මික අංශයේ ආර්ථික කටයුතු වර්ධනය
2024 වර්ෂයේ දී 0.6% ක්
2025 වර්ෂයේ දී සමස්තයක් වශයෙන් 1.4% ක ධනාත්මක වර්ධනයක්
සත්ව නිෂ්පාදන 10.5%ක්,
පොල් ඇතුලත් තෙල් සහිත පළතුරු බෝග වගාව 8.2%ක්, වී වගාව 5.3%ක්,
තේ වගාව 1.4%ක්
අයහපත් කාළගුණ තත්වයේ බලපෑම මත කෘෂිකාර්මික ආර්ථික කටයුතු වල පසු බැසීම
එළවළු වගාව 7.1%කින්
මිරිදිය ධිවර කටයුතු 45.3%කින්
සමස්ත කර්මාන්ත ආර්ථික කටයුතු
2024 වර්ෂයේ දී සියයට 11.1 ක වර්ධනයක්
2025 වර්ෂයේ දී පෙන්වා ඇත්තේ සියයට 7.8 ක ප්රසාරණයක් පමණයි
ධන වර්ධනයන් වාර්තා කළ ක්ෂේත්‍ර (2025)
ඉදිකිරිම් කර්මාන්තය 9.2%ක්
සහ පතල් හා කැනිම් කර්මාන්තය 16.9%
2024 වර්ෂයේ දී 2.4% ක ධන වර්ධනයක් වාර්තා කර තිබූ මෙරට සේවා ආර්ථික කටයුතු 2025 වර්ෂයේ දී 3.3%ක ධන වර්ධනයක්
සේවා අංශයේ වර්ධනය
රක්ෂණ, ප්රතිරක්ෂණ හා විශ්‍රාම අරමුදල් සේවා කටයුතු, තොරතුරු තාක්ෂණ සේවා සැපයිමේ කටයුතු, නවාතැන් හා ආහාර පාන සැපයීම් සේවා, මූල්‍ය සේවා ක්‍රියාකාරකම් ආදී බොහෝ සේවා ආර්ථික කටයුතුවල ප්රසාරණයක්





