‘One Battle After Another’ චිත්‍රපටය හොඳම චිත්‍රපටය ඇතුළුව සම්මාන හයක් දිනා ගනී

හොඳම චිත්‍රපටය ඇතුලු සම්මාන හයක් දිනා ගනිමින් One Battle After Another මෙවර ඔස්කාර් සම්මාන උළේලේ වැඩිම සම්මාන දිනාගත් චිත්‍රපටය බවට පත් වුණා.
Sinners සම්මාන හතරක් දිනා ගත්තා.

හොලිවුඩයේ අපුර්වතම රාත්‍රිය වන ඔස්කාර් සම්මාන උළෙලේ 98 වැනි අදියර ඉරිදා රාත්‍රියේ ලොස් ඇන්ජලීස් හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. ඇමරිකානු විකට නළුවෙකු වන කොනන් ඕ’බ්‍රයන් අඛණ්ඩව දෙවැනි වසරටත් සම්මාන උළෙල මෙහයවූවා. Sinners චිත්‍රපටය වෙනුවෙන් Autumn Durald Arkapaw හොඳම කැමරාකරණය සඳහා වන ඔස්කාර් සම්මානය ලබා ගත්තා.
ඇය එම සම්මානය හිමි කර ගත් පළමු කාන්තාවයි.

“මට ඇත්තටම මෙහි සිටින සියලුම කාන්තාවන් නැගී සිටින ලෙස ඉල්ලා සිටිනවා., මක් නිසා ද කිව්හොත් ඔබ නොමැතිව මට මෙතෙක් දුර පැමිණිය නොහැකි බව මට හැඟෙනවා. “
One Battle After Another අධ්‍යක්ෂණය වෙනුවෙන් Paul Thomas Anderson මෙවර ඔස්කාර් සම්මානයට හිමිකම් පෑවා.

Sinners හි නිවුන් දෙදෙනෙකුගේ චරිත නිරූපණය කළ Michael B. Jordan හොඳම නලුවා ලෙස ඔස්කාර් සම්මානයට පාත්‍ර වුණා.
ඔස්කාර් ඉතිහාසයේ නිවුන් චරිත වෙනුවෙන් හොඳම නලුවා සම්මානය දිනා ගත් දෙවැන්නා ඔහුයි.
මෙවර හොඳම නළුවා සඳහා වන තරගය ඔස්කාර් හි මෑත ඉතිහාසයේ තියුණුම තරගය බව විචාරකයින්ගේ අදහස වනවා.

Hamnet හි විලියම් ෂේක්ස්පියර්ගේ බිරිඳගේ චරිතය නිරූපණය කළ Jessie Buckley හොඳම නිලිය සඳහා වන ඔස්කාර් සම්මානය දිනා ගත් පළමු අයිරිෂ් කාන්තාව ලෙස ඉතිහාසයට එක් වුණා.

“It’s Mother’s Day in the UK today, so I would like to dedicate this to the beautiful chaos of a mother’s heart.”
ඇකඩමි සම්මාන 13කට නිර්දේශ වී තිබූ One Battle After Another හොඳම චිත්‍රපටය ඇතුලු සම්මාන 6ක් දිනා ගත්තා.

Share