විදෙස් සංචාරකයින් වෙනුවෙන් “Adventure Plus”

ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීය රක්ෂණ සේවා සැපයුම්කරුවෙකු වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් විසින්, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහාම, ප්‍රථම වරට සැලසුම් කරන ලද ‘Adventure Plus’ පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණ ක්‍රමය පසුගියදා එළිදක්වනු ලැබුවා
මෙම රක්ෂණ ක්‍රමය හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමට සහ රටේ ආර්ථික වර්ධනයට දායකත්වයක් ලබා දීමට අපේක්ෂිතයි
විදේශික සංචාරකයෙකුට දින 30ක කාලයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 8ක් වැනි මුදලකට කඳු නැගීම, බයිසිකල් පැදීම, ජල ක්‍රීඩා සහ වනාන්තර ආශ්‍රිත ක්‍රියාකාරකම් වැනි ඉහළ අවදානමක් සහිත විනෝදාංශ සඳහා වෛද්‍ය ආවරණය, අනතුරු ආරක්ෂණය සහ හදිසි අවස්ථාවකදී මුදාගැනීමේ පහසුකම් සලසා දෙනු ලබන Adventure Plus රක්ෂණ ආවරණයක් ලබාගත හැකි බවයි ප්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය සමීර ධර්මසේන මහතා සදහන් කළේ.

Share