මෙරට සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ලබන 16 වනදා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා
කෙසේ වෙතත් නැකැත් සම්පාදනය කිරීමට පාර්ශව දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් මේ වන තෙක් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්න
සිංහල හා හින්දු අලුත් අවුරුද්දමෙරට පැවැත්වෙන ප්‍රධානතම සංස්කෘතික උත්සවයයි.
නැකත් රාශියක් මත පදනම් වූ මෙම අලුත් අවුරුද්ද සැමරීමට අතීතයේ සිටම සිංහල හා දෙමළ ජනතාව මහත් උනන්දුවෙන් එක් වනවා.
පෙර සිටම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුව විසින් මේ සඳහා නැකැත් සීට්ටුව සකස් කරන අතර, පසුගිය කාලසීමාව තුළ ඒ සම්බන්ධයෙන් ජ්‍යෝතීෂ කණ්ඩායම් දෙකක් අතර මත ගැටුමක් පැවතුණා.
ඒ මෙවර සිංහල හා හින්දු අලුත් අවුද්ද සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නැකත් සීට්ටුවක් නිකුත් නොකීරීමට ගෙන තිබූ බව පවසෙන තීරනය සම්බන්ධයෙනුයි මෙලෙස ජ්‍යෝතීර්වේදීන්ගේ විද්වත් කමිටුව ප්‍රශ්න කළේ.
ඔවුන් කියා සිටියේ ජාතියේ මහා සංස්කෘතික උළෙල වන සිංහල අලුත් අවුරුද්ද සදහා නැකත් සීට්ටුවක් නිකුත් කිරීමට නොහැකි නම් සංස්කෘතික අමාත්‍යංශයෙන් ඇති ඵලය කුමක්ද යන්නයි.
අවුරුදු නැකැත් සම්බන්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන ඇති පසුබිමක අවුරුදු නැකැත් සීට්ටුවක් සම්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැමිණියා.
ඒ අනුව අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් සම්පාදනය කිරීම සඳහා ලබන සඳුදා විෂයභාර අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ
නිවේදනයක් නිකුත් කරමින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම වසර සඳහා අලුත් අවුරුදු නැකත් සම්පාදනයට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් පොදු එකඟතාවකට එළඹීමට අවස්ථා 04ක දී සාකච්ඡා පවැත්වූ බවයි.
කෙසේ වෙතත්, මේ වනතුරුත් ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වූ බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
කෙසේ වෙතත් මේ වනවිට ජනතාව තුළ අවුරුදු නැකැත් පිළිබඳව අවිනිශ්චිතතාවක් උද්ගත වී ඇති අතර, එම නිසා අලුත් අවුරුදු නැකැත් ඒකාබද්ධව සම්පාදනය කිරීමේ සාකච්ඡාව ලබන සඳුදා විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෝතීර්වේදීන්ගේ විද්වත් කමිටුව අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.




