අර්ෂ්දීප් සිංට තරග මුදලින් සියයට 15ක දඩයක්

2026 විස්සයි-විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී අයිසීසී චර්යා ධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිංට තරග මුදලින් සියයට 15ක දඩයක් පනවා ති‌බෙනවා.
අහමදාබාද් නුවර පැවැති මෙම තීරණාත්මක තරඟයේදී නවසීලන්ත ඉනිමේ 11 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ අර්ෂ්දීප් පන්දුව අනතුරුදායක ලෙස ඩැරල් මිචෙල් දෙසට විසිකිරීම සම්බන්ධයෙන් මෙලස දඩ නියම කෙරුණු අතර ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් ද එකතු කරනු ලැබුවා.
කෙසේ වෙතත්, තරඟයෙන් අනතුරුව අර්ෂ්දීප් සිං, මිචෙල්ගෙන් සමාව අයැද තිබුණා.

Share