ශ්‍රී ලංකන් කොළඹ සිට මෙල්බර්න් දක්වා සතිපතා ගුවන් ගමන් සංඛ්‍යාව 10ක් දක්වා වැඩි කිරීම තීරණය කරයි

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරමින් SriLankan Airlines ගුවන් සමාගම අගෝස්තු 2 වැනිදා සිට කොළඹ සිට මෙල්බර්න් දක්වා සතිපතා ගුවන් ගමන් සංඛ්‍යාව 10 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල අලුතින් ගුවන් ගමන් වාර තුනක් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් නිවේදනය කළා.

Share