මාර්තු 5 වැනිදා පැවති නේපාල මහ මැතිවරණයේ දැනට ප්‍රකාශිත ප්‍රතිඵල මත පෙනී යන්නේ රැප් ගායකයෙකු සහ හිටපු කත්මණ්ඩු නගරාධිපති බාලේන්ද්‍ර ෂාගේ පක්ෂය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් දිනා ගනු ඇති බවයි.
රාස්ත්‍රිය ස්වාධීන පක්ෂයේ ජයග්‍රහණය දශක ගණනාවකට පසු තනි පක්ෂයක් නේපාලයේ බහුතරයක් ලබා ගන්නා පළමු අවස්ථාව සනිටුහන් කරනු ඇති.
2025 සැප්තැම්බර් මාසයේදී මාරාන්තික තරුණ විරෝධතාවලින් රජය පෙරලා දැමීමෙන් මාස හයකට පසු හදිසි මැතිවරණය පැවැත්වුණා.
නේපාල වේලාවෙන් අඟහරුවාදා සවස වන විට, බාලේන්ද්‍ර ෂාගේ රාස්ත්‍රිය ස්වාධීන පක්ෂය සෘජුව ඡන්දයෙන් තෝරා ගන්නා ආසන 165 න් 125 ක් දිනා තිබුණා.
පක්ෂය සමානුපාතික නියෝජනය හරහා වෙන් කරන ලද ආසන 110 න් අවම වශයෙන් 58 ක් දිනා ගනු ඇති.
එම පක්ෂයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමට අවඹය වන්නේ තවත් ආසනයක් පමණයි.
පක්ෂය ෂා තම අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති අතර ඔහු පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශයේ දී හිටපු නේපාල අගමැති ෂර්මා කේපී ඔලි පරාජය කළා.
ඔහු නේපාල ඉතිහාසයේ ලාබාලතම අගමැති බවට පත්වනු ඇති.
මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රාස්ත්‍රිය ස්වාධීන පක්ෂයේ නායකයින්ට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී විශ්වාසය පළ කර ඇත්තේ දෙරටේ ඒකාබද්ධ උත්සාහයන් තුළින් ඉදිරි වසරවලදී ඉන්දියාව සහ නේපාලය අතර සබඳතා ඉහළ මට්ටමකට ළඟා වනු ඇති බවටයි.
මෙම මැතිවරණයට වැදගත් භූ දේශපාලනික වටිනාකමක් ද තිබෙනවා
නේපාලයේ දේශපාලන ඉතිහාසයේ ඓතිහාසිකව කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කර ඇති අසල්වැසි ඉන්දියාව, තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන අතර හිටපු අගමැති කේ.පී. ෂර්මා ඔලි සමඟ එතරම් හිතකර සම්බන්ධතාවයක් පවත්වා ගැණුනේ නැහැ.
මෙයට ප්‍රධාන වශයෙන් හේතුව ඔලි අගමැති ධුරය දැරූ කාලය තුළ ඉන්දියාවේ ප්‍රතිවාදියා වන චීනය සමඟ සමීප සම්බන්ධතාවයක් ක්‍රියාකාරීව අනුගමනය කළ අයෙකු ලෙස සැලකීමයි.
චීනය, ඕනෑම අනාගත රජයක් එක් මාවතක් එක් තීරයක් මුලපිරීම ඇතුළුව රට තුළ තම අවශ්‍යතා සඳහා සහාය වනු ඇතැයි බලාපොරොත්තු වනු ඇති.
මෙම මැතිවරණයේදී ඇමරිකා එක්සත් ජනපදය ද යම් කාර්යභාරයක් ඉටු කර ඇතැයි නිරීක්ෂකයන් පෙන්වා දෙනවා.





