වසර 12ක කාලයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ, දළදා කරඩුව වැඩම කරවූ නැදුන් ගමුවේ රාජා හස්තියා, ජාතික කෞතුක භාණ්ඩයක් ලෙස ප්‍රතිෂ්ඨාපනය කොට අද පෙරවරුවේ විවෘත කෙරුනා.
ඒ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව වසර 500ක් පවතින ලෙසට සංරක්ෂනය කර ඇති නැදුන් ගමුවේ රාජා හස්තියාගේ අනුරුව හෙට සිට, කොළඹ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දී මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කෙරෙනු ඇති.





