ජාතික ලොතරැයි මණ්ඩලය නිකුත් කල 2025 වර්ෂයේ අවසාන ගිණුම් අනුව 2025 මුල්‍ය වර්ෂයට අදාලව රුපියල් බිලියන 7.8 ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙනවා
එය 2024 වර්ෂයේ ශුද්ධ ලාභය වූ රුපියල් බිලියන 6.00 ට වඩා 30%ක වැඩි වීමක් බවයි ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කරන්නේ
මීට සමගාමීව ලොතරැයි අලෙවි ව්‍යාපාරික ජාලය උපයන ලද ආදායම රුපියල් බිලියන 9 ඉක්මවා ඇති අතර, එය 2024 වර්ෂයේ ඔවුන් ලද ආදායමට වඩා 27% ක වැඩි වීමක්.
ජාතික ලොතරැයි මණ්ඩලයේ 2025 වර්ෂයේ ලොතරැයි දිනුම් සඳහා ත්‍යාග ලාභීන්ට ගෙවා ඇති ත්‍යාග මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 24.8 ක් වන අතර, එය 2024 වර්ෂයේදී ගෙවනු ලැබූ ත්‍යාග මුදලට වඩා 26.8% ක වැඩි වීමක් බවද ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කරනවා.





