ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය එක්ව 6 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය හෙට ආරම්භ වනවා.
තරගාවලිය ආරම්භ කරන්නේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලයයි.
එම තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග මේ මස 21 වැනිදා සහ 22වැනිදා පැවැත්වීමට නියමිත අතර අවසන් පූර්ව තරග 28 වැනිදා සහ 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ අවසන් මහා තරගය අප්‍රේල් මස 4 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී හෝ කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.




