ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව කළ විශේෂ මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සමඟ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා එම යාත්‍රාව ගොඩබිමට රැගෙන එමින් සිටින බවයි.





