සමාගම් 6කට කැඩුණු විදුලිය

දශක පහකට ආසන්න ඉතිහාසයක් පුරා මෙරට විදුලි බල ක්ෂ්ත්‍රයේ රජයේ ඒකාධිකාරය පවත්වාගෙන යමින් ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කළ ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ ම‍ධ්‍යම රාත්‍රියේ සිට අවසන් වුණා.
එම මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ස්ථාපිත කළ සමාගම් නව සමාගම් හය අද සිට ක්‍රියාත්මක වනවා.

1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු වූ අතර ලංකා විදුලිබල මණ්ඩලය ආයතිනක ඒකකයක් ලෙස නීත්‍යානුකූලවම මේ සමග අහෝසි වුණා.
විදුලිබල මණ්ඩලය අහෝසි වීමත් සමග විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් 6කට පැවරෙන අතර ඒ සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් කිරීමටද බලශක්ති අමාත්‍යවරයා පියවර ගනු ලැබුවා.
ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි කරමින් පිහිටුවනු ලැබූ සමාගම් 6 වනුයේ විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම, ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම, විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම, සේවක අරමුදල (පුද්ගලික) සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම යන සමාගම්ය.
ඒ අතුරින් සමාගම් තුනක් සඳහා නව සාමාන්‍යධිකාරීවරුන් ද පත් කර තිබෙනවා.
ඒ අනුව,
ඉලෙක්ට්‍රසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පුද්ගලික සමාගම සඳහා ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර
ඉලෙක්ට්‍රසිටි ජෙනරේෂන් ලංකා පුද්ගලික සමාගම සඳහා සාලිය පණ්ඩිතරත්න
සහ
නැෂනල් ට්‍රාස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රොවයිඩර් පුද්ගලික සමාගම සඳහා ඉංජිනේරු එන්. එස්. වෙත්තසිංහ යන මහත්වරුන් පත් කරනු ලැබුවා.
මේ අතර, විදුලි බල මණ්ඩලය අහෝසිවීම සහ නව සමාගම් පිහිටුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පල කළා.

Share