ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණි INS Tarangini නෞකාව ඊයේ පෙරවරුවේ කොළඹ වරායට පැමිණියා
ඉන්දීය නාවික හමුදාවට අයත් මෙම නෞකාව, මාර්තු 02 වන දින දක්වා පැවැත්වෙන පුහුණු සංචාරයක් සදහා පසුගිය 27 වැනිදා ත්‍රිකුණාමල වරායට පැමිණි අතර අද සිට එළැඹෙන 09 වැනිදා දක්වා කොළඹ වරායේ රැඳෙමින් ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ට සාගර යාත්‍රා පුහුණුවක් ලබා දීමට නියමිත බවයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරන්නේ
මෙම නෞකාවේ සමස්ත දිග මීටර් 54ක් වන අතර ලොව වටා සංචාරය කළ පළමු ඉන්දියානු නාවික නෞකාව වන්නේද තරංගනී නෞකාවයි.





