ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරය සමරමින් පැවැත්වෙන ප්‍රදර්ශනය රත්මලානේදී

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරය සමරමින් පැවැත්වෙන ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ඊයේ ආරම්භ වුණා. එහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය අද සහ හෙට පස්වරු 02.00 සිට රාත්‍රී 10.00 දක්වා ජනතාවට විවෘතයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරය සමරමින් පැවැත්වෙන ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ඊයේ ආරම්භ වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගුවන් හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් ලෙස පිළිගැන්වුණා.ජනාධිපතිවරයා සෙසු ප්‍රභූන් සමග ගුවන් සංදර්ශනය නැරඹුවා. මෙහිදී ශ්‍රීලංකන් ගුවන් යානයක් ද විශේෂ පහළ පියාසැරියක් සිදු කළා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර 75ක ගෞරවනීය සේවාව ජනතාව සමඟ බෙදාගැනීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය සංවිධානය කර තිබෙන අතර ගගන ශිල්පීය හා ගුවන් තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනික වශයෙන් වැදගත් විවිධ කුටි රැසකින් මෙම ප්‍රදර්ශනය සමන්විතයි. ජනාධිපතිවරයා එම ප්‍රදර්ශන කුටි නැරඹීමටද එක් වුණා. මෙම ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය අද සහ හෙට පස්වරු 02.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වෙනවා.

Share