මෙරට මාධ්‍ය ආයතනයක් විසින් දියත් කරන දැවැන්තම සමාජ සත්කාරක වැඩසටහනක් වන සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා වැඩසටහනේ 132 වැනි අදියර හෙට පැවැත්වීමට නියමිතයි.
ඒ පේදුරුතුඩුව වඩමරාච්චි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය කේන්ද්‍රකර ගනිමින්.
මෙරට වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා 132 වැනි අදියර හෙට පේදුරුතුඩුව වඩමරාච්චි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැත්වීමට සියලු කටයුතු මේවන විටත් සූදානම්.
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම් ජාලයේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතාගේ උදාරතර සංකල්පයකට අනුව දියත් කෙරෙන මෙම ආයතනික සමාජ සත්කාරක වැඩසටහනට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ ටීවී සුප්‍රීම් නාලිකාව සහ සුප්‍රීම් රේඩියෝවයි.
“අපිව බලන ඔබේ වටින දෑස් අපිට වටිනවා දෑස තරමටම” යන්න තේමා කර ගනිමින් මෙරට සෑම ග්‍රාම සේවා වසමක්ම ආවරණය වන පරිදි නොමිලේ දියත් කෙරෙන
මෙම සමාජ සද්කාර්යය යටතේ අක්ෂි පරික්ෂාව, ඇසේ සුද ඇති බවට හඳුනා ගන්නා ප්‍රජාව වෙනුවෙන් සැත්කම් මගින් කාච දැමීමට අවශ්‍ය අනුග්‍රාහකත්වය දැක්වීම, බෝ නොවන රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ පමණක් නොව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යාම වෙනුවෙන් උපදේශන සේවාවන් ද ක්‍රියාත්මකයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් මෙම සමාජ සත්කාරක වැඩසටහනට දිරි බලය සපයන්නේ යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ මගපෙන්වීම යටතේයි.
හෙල්ප් එජ් ශ්‍රී ලංකා ආයතනය මෙම සමාජ සත්කාරක වැඩසටහනේ වෛද්‍ය හා සෞඛ්‍ය සත්කාරක සහකරු ලෙස ක්‍රියා කරනු ලබනවා
හෙට උදෑසන 8.30 සිට පස්වරු 2.00 දක්වා පේදුරුතුඩුව වඩමරාච්චි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි.




