නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 03ම කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියා කරන බවට විදුලිබල මණ්ඩලය පවසනවා.
ප්‍රශ්න ගත ගල් අඟුරු භාවිතයෙන් නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙකක් අක්‍රිය වී අතැයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ටීවී සුප්‍රිම් නිවුස් අප කළ විමසීමක දී විදුලි බල මණ්ඩල ප්‍රකාශකයකු සඳහන් කළේ එවැනි කිසිදු ගැටලුවක් නොමැති බවයි.
නිසි පිරිවිතරයන්ට නොමැති ගල්අඟුරු තොග ආනයනය සම්බන්ධයෙන් දැඩි කතාබහක් රටතුළ පසුගිය සමයේ නිර්මාණය වුණා
ඒ අනුව මෙරටට ගෙන්වා තිබු නව සැපයුම්කරුගේ මතභේදාත්මක ගල්අඟුරු තොග සහිත නෞකා නවයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විමර්ශනයක් ඇරඹුවේ පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ උපදෙස් අනුවයි
එලෙස සිදුකළ විමර්ශනයේ වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පසුගියදා භාර දෙනු ලැබුවා.
එම වාර්තාවට අනුව , ප්‍රශ්නගත අල් අඟුරුවල ශක්තිය හෙවත් කැලරි අගය නැව්ගත කරන වරායේදී පැවති අගයට සාපේක්ෂව ගොඩබෑම් වරායේ, ලක්විජය බලාගාරයේ සහ විදුලි උත්පාදනයේ කාර්යක්ෂමතාව මත ගණනය කරන පරීක්ෂණවලදී ලැබී ඇති අගයන් පහළ මට්ටම්වල පැවති බව පෙන්වා දෙනවා.
එමෙන්ම වත්මන් සැපයුම්කරුගේ ගල් අඟුරු භාවිතයෙන් 2026 ජනවාරි තුන්වැනිදා සිට 8 වැනිදා දක්වා දින හයක කාලය තුළ සිදුකළ විදුලි උත්පාදනයේදී පාවෙන අළු විසර්ජනය දෛනිකව මෙටික්ට්‍රොන් 306ත් – 616ත් අතර ඉහළ අගයන්වල පැවතී ඇතැයි ද අදාළ වාර්ථාවේ සඳහන්.
නමුත් පෙර සැපයුම්කරුගේ ගල්අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය කෙරුණු 2026 ජනවාරි 11වැනිදා සිට 15 වැනිදා දක්වා දින පහක කාලය තුළ පාවෙන අළු විසර්ජනය දෛනිකව වාර්තා වී ඇත්තේ මෙට්‍රික්ටොන් 221ත් – 316ත් අතර සාපේක්ෂව පහළ අගයන්වලයි.
ඒ අනුව වත්මන් සැපයුම්කරුගේ ගල් අඟුරු භාවිතයේදී විසර්ජනයවන පාවෙන අළු ප්‍රමාණය පෙර සැපයුම්කරුගේ ගල් අඟුරු වලට සාපේක්ෂව 102%ක වැඩිවීමක් පෙන්නුම් කරනවා.
ඒ අනුව මින් පෙර සැපයුම්කරුගේ ගල් අගුරු , බලාගාරයේ සම්පූර්ණ ධාරිතාව වන මෙගා වොට් 300ක ධාරීතාව සපුරාලීමට සමත් වූ අතර, වත්මන් සැපයුම්කරුගේ නැව්ගත කළ ගල් අඟුරු නෞකා 09 තුළින් කිසිදු ආකාරයෙන් මෙගාවොට් 300ක ඒකකය සම්පූර්ණ කිරිමට නොහැකි බව එම වාර්ථාව වැඩිදුරටත් පෙනවා දෙනවා
ඒ හේතුවෙන් පැය 24 පුරා අවශ්‍යතා සපුරාලීමට වෙනත් උත්පාදන ප්‍රභවයන් අවශ්‍ය බවයි සදහන් වන්නේ
ඒ අතර විමර්ශන වාර්තාව අනාවරණ කරන පරිදි ප්‍රමිතියෙන් අවම ගල්අඟුරු තොග නැව්ගත කිරීම් නවය මගින් සිදුව ඇති සමස්ත මූල්‍ය පාඩුව රුපියල් මිලියන 8,497ක්.
මේ අතර පෙරේදා දිනයේ යටිතල පහසුකම් සහ උපායමාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැමිණි අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කෙරුණා.
නොරොච්චොලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර 2ක් අක්‍රිය තත්ත්වයේ පවතින බවට සහා බාල ගල් අගුරු දහනය වීම හේතුවෙන් පිටවන දුමාරයේ ගැටලු පවතින බවට ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න මතු කෙරුණා. කෙසේ වෙතත් ටී.වි සුප්‍රිම් නිව්ස් අප කළ විමසීමේදී විදුලි බල මණ්ඩල ප්‍රකාශකයකු සඳහන් කලේ නොරොච්චොලේ විදුලි ජනන යන්ත්‍ර 03ම අද දිනයේදීත් කිසිඳු ගැටලුවකින් තොරව ක්‍රියා කරන බවයි.





