අමෙරිකානු ප්‍රහාරයකට ලක්ව විනාශ වුනු ඉරාන නාවික හමුදාවට අයත් IRIS ඩෙනා යුධ නෞකාවේ සිට රැගෙන ආ මෘත ශරීර 84ක පශ්චාත් මරණ පරීක්ෂණ ගාල්ල ජාතික රෝහලේදී සිදු කෙරුනා.
මෙහිදී ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ ඉඩ පහසුකම් නොමැති වීමේ අර්බුදය හේතුවෙන් ඊයේ රාත්‍රියේ ජංගම මෘත ශරීරාගාර 2ක් ද ගාල්ල ජාතික රෝහල වෙත රැගනවිත් තිබෙනවා.
මේ අතර ඊයේ මෙරටට පැමිණි ඉරාන නාවික හමුදාවට අයත් IRIS ‘බුෂෙහ්ර්’ නමින් හැදින්වෙන නෞකාවේ සිටි පුද්ගලයින් 204 දෙනෙක් මේ වන විට කොළඹ වරායට රැගෙන විත් තිබෙනවා.
ඉරාන නාවික හමුදාවට අයත් IRIS ඩෙනා නෞකාව ඉන්දියාවේ විසාකාපට්නම් හි පැවති යුධ අභ්‍යාසයක් සඳහා සහභාගිවී නැවත පැමිණෙමින් සිටින අතර තුර ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 19ක පමණ දුරකින් ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයේ දී ඇමෙරිකානු සබ්මැරීනයක් විසින් මුදාහල ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වනු ලැබුවේ පසුගිය 4වැනිදායි
ලැබුනු තොරතුරු මත මුදා ගැනීම් කටයුතු සඳහා වහාම ක්‍රියාත්මක වුනු ශ්‍රී ලංකා නාවික හමුදාව නෞකාවේ සිටි පුද්ගලයින් 32කු සුරක්ෂිතව මුදා ගෙන ගාල්ල ජාතික රෝහල වෙත රැගෙන විත් තිබුනා
ඉන් එක් අයෙකු පමනක් තව දුරටත් බරපතල තත්වයේ පසුවන අතර සෙසු පිරිස් සාමාන්‍ය තත්වයේ පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
එසේම මියගිය පුද්ගල සිරුරු 84ක් ද ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කෙරුනා.
කෙසේ නමුත් ගෙනවිත් ඇති මල සිරුරු තැන්පත් කිරීමේදී රෝහලේ මෘත ශරීරාගාරයේ ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ තවත් ජංගම මෘත ශරීරාගාර දෙකක් රෝහල වෙත රැගෙන ආවා.
එසේම එම මෘත ශරීර 84ම පශ්චාත් මරණ පරික්ෂන කටයුතු ද මේ වන විට සිදු කර අවසන් බවයි රෝහල් ආරංචිමාර්ග පෙන්වා දුන්නේ.
මේ අතර පානදුර ප්‍රදේශයේ මුහුදු සීමාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ තවත් ඉරාන නෞකාවක් පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වුනා.
IRIS ‘බුෂෙහ්ර්’ (Busheir) නමින් හැදින්වෙන මෙම නෞකාව ටෑන්කර් වර්ගයේ යුධ සැපයුම් නෞකාවක්.
එය පසුගියදා මුදුදු බත් වුනු IRIS ඩෙනා නෞකාවට සැපයුම් ලබා දීමට පැමිණි නෞකාවක් බවයි පැවසෙන්නේ.
‘IRIS Bushehr’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.
ඒ අනුව නෞකාවේ සිටි පුද්ගලයින්ගේ ලියාපදිංචිය, වෛද්‍ය පරීක්ෂණ හා ආහාර වැලිසර නාවික හමුදා කඳවුර වෙතින් සිදු කිරීමට නියමිතයි.
IRIS ‘බුෂෙහ්ර්’ නෞකා කාර්ය මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 53ක් ඇති අතර, කැඩෙට් නිලධාරීන් 54ක් දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම තවත් ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් සහ නාවිකයන් 23 දෙනෙකුගෙන් සමන්විත ඇනියක් සිටින බවයි නාවික හමුදා ආරංචි මාර්ග පවසන්නේ.
මෙම නෞකාවේ සිටි නිලධාරීන් සහ නාවිකයන් ගොඩබිමට ගෙන ඒමේ මෙහෙයුම ඊයේ රාත්‍රිය පුරා ක්‍රියාත්මක වූ අතර තවත් නිලධාරීන් පහළොස් දෙනකුගේ පමණ හඳුනා ගැනීමේ කටයුතු අවසන් කිරීමට ඉතිරිව ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියා.
මේ සඳහා නාවික හමුදාව සතු ටග් යාත්‍රා 3ක් යොදාගත් අතර මේ වනවිට නැව හඳුනා ගැනීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින් විසින් සිදුකරමින් පවතිනවා එම සියලු කටයුතු අවසන් වීමෙන් පසුවයි මෙම නෞකාව ත්‍රිකුණාමලය බලා යාත්‍රා කිරීමට නියමිතව ඇත්තේ.
නෞකාවේ සිට ගොඩබිමට රැගෙන ආ සියලුම නාවිකයන් මූලික පරීක්ෂණවලින් අනතුරුව වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිත බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පවසන්නේ.





