තිරුවාණා ගං ඉවුර ආසන්නයේ කැණීම් සිදුකරගෙන ගිය ස්ථානයක් පොලිසිය වටලයි

නිල්වලා ගංගාවේ ප්‍රධාන අතු ගංගාවක් වන තිරුවාණා ගං ඉවුර ආසන්නයේ මහා පරිමාණයෙන් කැණීම් සිදුකරගෙන ගිය ස්ථානයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.
මෙම වැටලීමේ දී පොළොව කැණීම සඳහා භාවිත කරන බැකෝ යන්ත්‍රයක් ඇතුළු උපකරණ රැසක් සහ පොළව යට වළ දමා තිබූ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනීමටත් පොලිසිය සමත් වුණා.
අනවසර මැණික් ගැරීමක් සඳහා මෙම ස්ථානය යොදාගෙන ඇති බවටයි පොලීසිය සැක කෙරෙන්නේ.

තිරුවාණා ගං ඉවුර ආසන්නයේ මෙම කැණීම සිදුකර තිබුණේ දෙනියාය, කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෞද්ගලික වතුයායකයි.
ගං ඉවුර ආසන්නයේ අනවසර කැණීමක් සිදුකරන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත මාතර දිස්ත්‍රික් පතල් සහ කැනීම් වැටලීම් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ පිළිබඳව සොයා බැලීමට මෙම ස්ථානයට ගොස් තිබුණා.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී කැණීම් සිදුකළ ස්ථානයේ කිසිවෙකුත් නොසිටි අතර කැණීම් සිදුකළ බවට සැකකෙරෙන උපකරණ කිසිවක් හමුව තිබුණේ නැහැ.

ඉවුර ආසන්නයේ මහා පරිමාණයෙන් කැණීම් සිදුකරගෙන ගිය ස්ථානයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.
මෙම වැටලීමේ දී පොළොව කැණීම සඳහා භාවිත කරන බැකෝ යන්ත්‍රයක් ඇතුළු උපකරණ රැසක් සහ පොළව යට වළ දමා තිබූ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනීමටත් පොලිසිය සමත් වුණා.
අනවසර මැණික් ගැරීමක් සඳහා මෙම ස්ථානය යොදාගෙන ඇති බවටයි පොලීසිය සැක කෙරෙන්නේ.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් මේ සම්බන්ධයෙන් දෙනියාය පොලිස් ස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර දෙනියාය පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ අදාළ ස්ථානය පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
එහිදී අදාළ ස්ථානයේ පොල් අතු හා ඉටි කොළ වලින් වසා දමා තිබූ වලවල් හෑරීමට යොදා ගත් බවට සැක කෙරෙන බැකෝ යන්ත්‍රයක් හා ඊට යාබද කැලෑ බද ප්‍රදේශයක සඟවා තිබූ තවත් එවැනිම බැකෝ යන්ත්‍රයක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.
එමෙන්ම අදාළ ඉඩමේ පිහිටි කුඩා වතු නිවාස පෙළ පරික්ෂා කිරීමේදී අනවසරයෙන් විදුලිය ලබා ගැනීමට භාවිතා කල වයර්, CCTV කැමරා, බුදු පිළිම, දේව පිළිම, ඉල්ලම් කූරු, කඹ, ඔයිල් කෑන්, LCD විදුලි පහන් සහ විශාල ටෙන්ට් රෙදි ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගැනුණා.

එමෙන්ම කැනීම්කරුවන් වලවල් වල සැගවූ යන්ත්‍රවල කොටස් කිහිපයක්ද මෙහිදී හමු වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
කෙසේ වෙතත් වැටලීමේදී සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී නැහැ.

Share