ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජේමි සිඩ්න්ස් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
වසරක කාලසීමාවක් සඳහා බලපැවැත්වෙන මෙම පත්වීම ලබන මාර්තු 16 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
ජේමි සිඩ්න්ස් මීට පෙර බංග්ලාදේශ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, ඕස්ට්‍රේලියාවේ දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සහ නවසීලන්තයේ වෙලින්ටන් ෆයර්බර්ඩ්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කර ඇති අත්දැකීම් බහුල පුහුණුකරුවෙක්.
නව පුහුණුකරු යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගාවලිය වන්නේ අප්‍රේල් සහ මැයි මාසවල පැවැත්වීමට නියමිත බංග්ලාදේශ සංචාරයයි.
එසේම ජුනි මාසයේදී එංගලන්තයේ පැවැත්වෙන 2026 T20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම සූදානම් කිරීම ඔහුට පැවරී ඇති ප්‍රධාන වගකීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.




