ශ්‍රී ඉන්දීය මහ කොමසාරිස් සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල ඇතුලු පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.
මහකොමසාරිස්වරයාගේ නිල නිවසේ දී පැවති මෙම සකාච්ඡාවේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පුළුල් වන ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳ මෙන්ම කලාපීය හා ගෝලීය කටයුතු විකාශනය වීම පිළිබඳව අදහස් හුවමාරු කර ගැණුනු බව මහකොමසාරිස් කාර්යාලයේ නිල x ගිණුමේ සටහන් කර තිබෙනවා.

Share