උසස් පෙළ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ විෂයමාලාව සැකසීම, අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම හා අධ්‍යාපන අංශ කළමනාකරණ සැලැස්ම වැඩිදියුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහය ලබා දෙන බවට සහතික වී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් අතර පැවති හමුවක දී මේ පිළිබඳ සාකච්ඡාවට ලක් වුණා.
ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා තාක්ෂණික සහාය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් ලබා දීමට ඇති සූදානම මෙහිදි ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් තහවුරු කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළා.




