කොළඹ සිට ඩුබායි සහ ඩුබායි සිට කොළඹ දක්වා අද දිනයේදී එක් ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.
ඒ අනුව UL 231 සහ UL 232 ලෙස මෙම ගුවන් ගමන්වාර ක්‍රියාත්මක කරනු ඇති.
ඩුබායි ගුවන් අවකාශය අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමෙන් පසුව, අවශ්‍ය ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කරමින් මෙම ගමන්වාර ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළා.
ගුවන් සේවය මගීන්ට දැනුම් දෙන්නේ ගුවන්තොටුපලට පැමිණීමට පෙර අදාළ සංචාරක නියෝජිතයා හෝ 1979 හදිසි ඇමතුම් අංකය ඔස්සේ ශ්‍රී ලංකන් වෙතින් ගුවන් ගමනට අදාළ තොරතුරු තහවුරු කර ගන්නා ලෙසයි.




