බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති t20 තරගාවලියත් ජය ගැනීමට සංචාරක ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සමත් වුණා.
මීට පෙර පැවති එක්දින තරගාවලිය ද ශ්රී ලංකා කණ්ඩායම ජයගත්තා.
මෙය ඉතිහාසයට එක්වන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ශ්රී ලංකාව ලැබූ පළමු ද්විපාර්ශ්වික තරගාවලි ජයග්රහණය ලෙසයි.
ශ්රී ලංකාව සහ කොදෙව් දූපත් අතර තෙවැනි සහ අවසන් T20 තරගය ග්රෙනාඩා හි දී පැවැත්වුණා.
කාසියේ වාසිය දිනා ගත් චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 119ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා ක්රීඩිකාවන් පන්දුවාර 17යි පන්දු 4කදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්රාහී ඉලක්කය පසුකර ගියා.
හසිනි පෙරේරා නොදැවී ලකුණු 52ක් ලබා ජයහණය කරා කණ්ඩායම සුරැකිව රැගෙන ගියා.
දෙරට අතර පළමු තරගය වර්ෂාව හේතුවෙන් ප්රතිඵලයකින් තොරව අවසන් වු අතර 2 – 0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
මීට පෙර පැවති එක්දින තරගාවලියද 2-1ක් ලෙස ශ්රී ලංකා කණ්ඩායම ජය ගත්තා
මෙය කොදෙව් දේශයේදී ශ්රී ලංකා කාන්තා කණ්ඩායමක් ලැබූ ප්රථම ද්විපාර්ශ්වික තරගාවලි ජයග්රහණය ලෙස ඉතිහාසයට එක්වනවා.




