ඊශ්‍රායලයට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලංකික ගෘහ සේවිකාවකට සුළු තුවාල

ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශය වෙත ඊයේ එල්ල වූ ප්‍රහාරයක් අතරතුර දී තුවාල ලැබූ ශ්‍රී ලාංකික කාන්තාවක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බව වාර්තා වුණා.
ටී.වී. සුප්‍රීම් නිව්ස් කළ විමසීමකදී එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩර මහතා මේ බව තහවුරු කළා.

ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයට ඊයේ ප්‍රහාරයක් එල්ල වූ අතර එහි නිවසක සේවය කළ ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් ඉන් සුලු තුවාල ලබා තිබෙනවා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ ඇය කම්පන තත්ත්වයක සිටි බවත් මේ වන විට බාහිර රෝගි ප්‍රතිකාර අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇති බවයි.
මේ වන විට ඇය සේවය කළ නිවසේ සාමාජිකයින් සමඟ ආරක්ෂිතව පසුවන බවත් ටීවී සුප්‍රීම් කළ විමසීමකදී ඔහු සඳහන් කළා.

මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොල දෛනික ගනුදෙනු අද පෙරවරු 09.31ට අත්හිටවනු ලැබුවා.
පෙර දිනයට සාපේක්ෂව S&P SL 20 දර්ශකය 5%ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යාම මීට හේතුවුණා.
කොටස් වෙළෙඳපොල ගනුදෙනු ආරම්භ වී මිනිත්තුවක් ඇතුළත මෙම තත්ත්වය ඇති වූ අතර මැද පෙරදිග අර්බුදයත් සමඟ ලෝකය පුරා ඇතිව තිබෙන අවිනිශ්චිත තාව මත කොළඹ කොටස් වෙළෙඳපොල කඩාවැටීමට හේතුව බවට සැලකෙනවා.
සියලු කොටස් මිල දර්ශකය 5.27% කින් පහළ වැටුණු අතර S&P SL 20 දර්ශකය 5.53%කින් පහළ වැටුණා.
අනතුරුව පෙරවරු 10.01ට ගනුදෙනු යලි ආරම්භ වුණා.
කෙසේවෙතත් පෙරවරු 11.00 වන විටත් කොළඹ කොටස් වෙළෙඳපොලේ ගනුදෙනු කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණේ නැහැ.

Share