ඉරානයට එරෙහිව දියත් කර ඇති ප්‍රහාර මාලාව ඉදිරියේදී වඩාත් උග්‍ර විය හැකි බවත්, මෙම ගැටුම මීට පෙර ඇස්තමේන්තු කළ සති 4ත් 5ත් අතර කාලයට වඩා වැඩි කාලයක් පවතිනු ඇති බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවා.
මේ අතර, වසර 47ක ඉරාන සටන්කාමීත්වයට ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් තිත තබා ඇති බවත් ට්‍රම්ප්ගේ සෘජු නියෝගය මත ක්‍රියාත්මක වන මෙම යුද මෙහෙයුම ඉතිහාසයේ වඩාත්ම මාරාන්තික සහ සංකීර්ණතම ගුවන් මෙහෙයුම වන බවත් ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පැවසුවා.
මේ අතර, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කරන බවටයි අනතුරු අගවා ඇත්තේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් ජනාධිපති ට්‍රම්ප් යටතේ අපි එය අවසන් කරනවා,” යනුවෙනි.
                      
සිව්වැනි දිනටත් ක්‍රියාත්මක මැද පෙරදිග යුද ගැටුම් මේ වනවිට වඩාත් දරුණු අතට පත්වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ හේතුවෙන්, බරපතල ආරක්ෂක අවදානමක් ඇතිවීමට ඉඩකඩ පවතින බැවින් මැදපෙරදිග රටවලින් දැන්ම පිටවන්නැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට පුරවැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව, බහරේනය, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, ගාසා තීරය, ජෝර්දානය, කුවේටය, ලෙබනනය, ඕමානය, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන රටවලින් දැනට පවතින වාණිජ ප්‍රවාහන සේවා භාවිතා කරමින් වහාම පිටවන ලෙස‍යි මෙම දැනුම් දීම කරන්නේ.
මේ වාණිජ මාර්ග ඔස්සේ පිටත්වීම සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහාය අවශ්‍ය අමෙරිකානු වැසියන් වෙත සෘජු දුරකථන අංක ලබා දී ඇති අතර, එම අංක පැය 24 පුරා ක්‍රියාත්මක බවයි CNN පුවත් සේවය වාර්තා කරන්නේ.
මේ අතර, ළඟම ඇති අමෙරිකානු තානාපති කාර්යාලයෙන් හෝ කොන්සියුලර් කාර්යාලයෙන් නවතම ආරක්ෂක තොරතුරු ලබා ගැනීමට http://step.state.gov වෙබ් අඩවියේ ලියාපදිංචි වන ලෙසත් අමෙරිකානු වැසියන්ට දැනුම් දී තිබෙනවා.
මෙම හදිසි පණිවුඩය නිකුත් කර ඇත්තේ, අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් මැදපෙරදිග රටවල් පුරා, විශේෂයෙන් අමෙරිකානු මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර මාලාවක් මධ්‍යයේයි.

මේ අතර, රියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකකින් ප්‍රහාර එල්ල වූ බව සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.
ඒ හේතුවෙන් ගොඩනැගිල්ලට සුළු දේපළ හානි සිදු වී සීමිත ගින්නක් හටගත් බවයි එම අමාත්‍යාංශය තහවුරු කරන්නේ.
පිපිරුම් හඬ ඇසුණු රියාද්හි රාජ්‍ය තාන්ත්‍රික කලාපයට ඉහළින් කළු දුමාරයක් නැඟී එන බව ද පුද්ගලයින් දෙනෙකු විසින් තහවුරු කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
රියාද් සහ ඒ අසල පිහිටි අල්-කර්ජ් නගරය දෙසට ගමන් කරමින් තිබූ ඩ්‍රෝන යානා 8ක් පමණ විනාශ කර දැමූ බව සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

රියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල කල ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන්, ඉරානයට එරෙහිව දියත් කර ඇති ප්‍රහාර මාලාවේ වඩාත්ම ප්‍රබල අවදිය ඉදිරියේදී ක්‍රියාත්මක වන බවත්, මෙම ගැටුම මීට පෙර ඇස්තමේන්තු කළ සති 4ත් 5ත් අතර කාලයට වඩා වැඩි කාලයක් පවතිනු ඇති බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ධවල මන්දිරයේ සිට මාධ්‍ය ඇමතූ ජනාධිපතිවරයා පවසා සිටියේ, මෙම හමුදා ක්‍රියාමාර්ගයේ මූලික ඉලක්ක තුනක් පවතින බවයි.
ඒ අනුව, පළමු ඉලක්කය ඉරානයේ මිසයිල පද්ධති සහ හැකියාවන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීම බවත්, දෙවන ඉලක්කය ඉරාන නාවික හමුදාව අකර්මණ්‍ය කිරීම සහ තෙවන ඉලක්කය ලොව ප්‍රධානතම ත්‍රස්තවාදී අනුග්‍රාහකයා ලෙස තමන් හඳුන්වන ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීමට ඉඩ නොතැබීම යන කරුණු ඇතුලත් බවත් ඔහු සඳහන් කළා.

මේ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු නියෝගය මත ක්‍රියාත්මක වන මෙම යුද මෙහෙයුම ඉතිහාසයේ වඩාත්ම මාරාන්තික සහ සංකීර්ණතම ගුවන් මෙහෙයුම වන බව විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.
“අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් ජනාධිපති ට්‍රම්ප් යටතේ අපි එය අවසන් කරනවා,” යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කළා.
ඉරානය වැනි රටවල ඇති පාලනයන් සතුව න්‍යෂ්ටික අවි නොතිබිය යුතු බවත්, එය වැළැක්වීමට අවශ්‍ය ශක්තිය ජනාධිපති ට්‍රම්ප් සතු බවත් හෙග්සෙත් සඳහන් කළා.

Share