1956 න් පසු ලංකාවේ අඩුම අයවැය පරතරය 2025 වසරේදී වාර්තා වූ බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
දිවුලපිටියේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා සඳහන් කළේ රජය තුළ පැවති මූල්‍ය විනයේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකතනවලින් පවා අපේක්ෂා නොකළ ආකාරයේ 5%ක අයවැය පරතරයක් ලබා ගැනීමට රජයට හැකිවී ඇති බවයි.
කෙසේ වෙතත් නිදහසින් පසු ලංකා ඉතිහාසයේ අයවැය අතිරික්තයක් වාර්තා වී ඇත්තේ 1954 සහ 1955 වසරවලදී පමණයි.
1956 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.2% ක අයවැය අතිරික්තයක් වාර්තා වුනා.





