ඉරානය ඉතිහාසයේ වඩාත් ම විනාශකාරී ප්‍රහාරාත්මක මෙහෙයුම ආරම්භ කරන බව නිවේදනය කළා

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයත් සමඟ ඉතිහාසයේ වඩාත් ම විනාශකාරී ප්‍රහාරාත්මක මෙහෙයුම ආරම්භ කරන බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනය කළා.
ඒ අනුව අදත් ගල්ෆ් කලාපයේ රටවල් රැසක් ඉරාන ප්‍රහාරයන්ට ලක් වුණා.
ටෙහෙරාන් හි ඉලක්ක කිහිපයක් වෙත ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ද නිවේදනය කළා.
මේ අතර එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල නොකරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවූවේ මීට පෙර නොදුටු බලයක්’ භාවිත කරන බව පවසමින්. මේඅතර
ටෙහෙරානයේ ඉරාන පාලනයට සම්බන්ධ ඉලක්ක වෙත ප්‍රහාර රැල්ලක් ආරම්භ කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අද නිවේදනය කළා.අදාළ නිවේදනයේ දැක්වුණේ “ටෙහෙරානයේ හදවතේ” ඉලක්ක වලට පහර දෙන බවයි.
අගනුවර පිපිරීම් ඇසුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළා.
ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන් දියත් කිරීමේ ස්ථාන, ගුවන් ආරක්ෂක පද්ධති සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා පහසුකම් ඇතුළු ඉරාන හමුදා ඉලක්ක වෙත එල්ල කරන ලද ප්‍රහාරයට අදාළ දර්ශන පෙලක් ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම අණදෙන විධානය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.
ඉරාන රතු අඩසඳ ව්‍යාපාරය පවසන පරිදි ඊයේ සිට ඉරානයේ පළාත් 31 න් 24 කට ඊශ්‍රායල සහ ඇමෙරිකා ඒකාබද්ධ ප්‍රහාර එල්ල වී තිබෙනවා.
ප්‍රහාර හේතුවෙන් දකුණු ඉරානයේ බාලිකා පාසලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් 108 දෙනෙකු ඇතුළුව රට පුරා පුද්ගලයින් 201 දෙනෙකු මිය ගොස් ඇතැයි සඳහන්.‍

Share