96 වන සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි ආදී සිසුන් 80කට අධික පිරිසක් දිවයිනට

ආනන්ද – නාලන්ද සහෝදරත්වයේ සලකුණ, 96 වන සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි ආදී සිසුන් 80කට අධික පිරිසක් සිය පවුල්වල සාමාජිකයන් ද සමඟින් අද අලුයම දිවයිනට පැමිණියා.
ඔවුන් වෙනුවෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ මිල ගණන් යටතේ පහසුකම් සලසා තිබූ අතර, සිඩ්නි නුවර සිට පැමිණි UL-607 විශේෂ ගුවන් යානයෙන් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වුණා.
ක්‍රිකට් තරගයක් නැරඹීම සඳහා විදෙස් රටක සිට මෙලෙස විශේෂ ගුවන් යානයක් වෙන්කරවාගෙන මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වනවා.

මෙවර සුලෝහිත සංග්‍රාමය පෙබරවාරි 27, 28 සහ මාර්තු 01 යන දිනවල කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම ඉතිහාසයේ පළමු වතාවට ආනන්ද – නාලන්ද එක්දින තරගය මාර්තු 07 වනදා දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීම විශේෂත්වයක්.

Share