අද ලෝක ආදරවන්තයින්ගේ දිනයයි

අද ලෝක ආදරවන්තයින්ගේ දිනයයි.
ඒ ආදරය අද දිනට පමනක් සැමරිමට උනන්දුවන පෙම්වතුන් අතර, මුනගැසුණු දිනයේ පටන් ආදර බැදිමකින් හිත් පුරවා ගත් ආදරවන්තයින් ඉද හිට අපේ සමාජයෙන් හමු වෙනවා.
ජීවිත ගමනට හමා ආ දුක්ක දොමනස්සයන්ට නොසැලි මුහුණ දෙන මේ ආදර්ශමත් සුපෙම්වත් යුවළ ගැන අපට වාර්තා වන්නේ බකමූණ ගල්මුල්ල ප්‍රදේශයෙන්.

විශේෂිත වූ එක් දිනකට පමනක් සීමා නොවු මේ ප්‍රේම කතාවේ කතා නායකයින් වන්නේ ජගත්සේකර සහා ගීතායි
මාතලේ බකමූණ ගල්මුල්ල ප්‍රදේශයේ ජිවත්වන ජගත්සේකරගේ වයස අවුරුදු 45ක්
ඔහුගේ ජිවන සහකාරිය වූ ගිතාගේ වයස අවුරුදු 44ක්.

ජිවිත කාලය පුරාම ආදරයේ පොරොන්දු රැකීමට සපථ කර ගනිමින් එක්වූ මේ දෙදෙනාගේ ආදර කථාවට කනකොකා හඩන්නේ ගීතා බඩවැල් වලින් දරුණු පිළිකා රෝගයකින් පෙළෙන බව සොයා ගැනීමත් සමඟයි.
සිය පණ මෙන් ආදරය කළ බිරිඳගේ රෝගී තත්ත්වය සුවපත් කර ගැනීමටත් පවුලේ ජීවිකාව කර ගැනීමටත් සටන අරඹන ජගත්සේකර අඹන්ගඟත් සමග හරි හරියට ඔට්ටු වන්නට තීරණය කරනවා
බඩ වැලේ දරුණු පිලිකා රෝගයකින් පෙලෙන එක්දරු මවක් වන ගීතා ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙද්දී, අඹන්ගගේ කිමිදි වැලි ගොඩ දැමීමෙන් ජගත්සේකර පවුලේ ජීවිකාව සරිකරන්නේ රෝගී සිය බිරිඳගේ සියලු ඕනෑ එපාකම් බලන අතරවාරයේයි.
කොළ අතු කඩා එල්ලා තම ආදරණිය බිරිඳ සහා දරුවා දෙවියන්ට බාර කර ගඟට බසින ඔහු දවස පුරා උපයා ගන්නා මුදල සිය බිරිදගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කර ගැනීමට වියදම් කරන්නේ මහත් සෙනෙහසකින් බවයි ඔහු පැවසුවේ.

කදුල අභියෝගයක් සේ සලකා සිනහවෙන් ඊට පිළිතුරු සොයමින් ලෑලි වලින් වට කරගත් ගෙයක සිය දරුවා සමග සිහින කන්දක් අභියස දිනෙන් දිනම තමා මරණය කරා යෑමට නියමිත බව දරාගනිමින් ජිවත් වීමත් සුලු පටු නැහැ.
එවන් මනස්තාපයකට සිය සැමියාගේ අපිරිමිත ආදරය සහ කැපවීම සිහිල් දිය දහරාවක් වී ඇති අයුරු ගීතා වචන කලේ මෙලෙසින්.

පෙම්වතුන්ගේ දිනයට රෝසමල් පැහැයෙන් පරිසරය වෛවර්ණ වෙද්දි එක් දිනයට පමණක් සීමා නොවු සුපෙම්බර හිත් ඇති ඔවුන්ගේ මේ ආදාරය සැබැවින්ම ආදරනීය නොවේද?

Share