රටේ නීතියේ ආධිපත්‍යය තර්ජනයට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති පවසයි

රටේ නීතියේ ආධිපත්‍යය තර්ජනයට ලක්ව ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසනවා.
අකුරේගොඩ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුනු පැහැදිලි කිරිමට ශ්‍රී ලංකා නීති සංගම් මූලස්ථානයේ අද පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු මේ බව පවසා සිටියා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්තාවරය හෙට දින පැවැත්වෙන හදිසි මහා සභා රැස්විමෙන් පසුව ප්‍රකාශ කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ඒ අනුව වසර 14කට පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් පවැත්වෙන පළමු අවස්ථාව මෙය වෙනවා.

Share