හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා හිටපු ජනාධිපති ඔබාමා විසින් පනවන ලද ප්‍රධාන විද්‍යාත්මක තීන්දුවක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවලංගු කර තිබෙනවා.
කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් ඇතුළු පෘතුවිය උණුසුම් කරන ප්‍රධාන හරිතාගාර වායු හයක් මිනිස් සෞඛ්‍යයට අනතුරක් බවට නිගමනය කරමින් පැනවූ නීතිය මගින් මොටර් රථ නිෂ්පාදනය, විදුලි බලාගාර, තෙල් හා ගෑස් නිෂ්පාදන කරිමාන්තය ඇතුළු අංශවල හරිතාගාර වායු නියාමනයට පියවර ගෙන තිබුණා.
ධවල මන්දිරය මෙම නියාමන නීතිය ආපසු හැරවීමත් සමග මෝටර් රථ නිෂ්පාදකයින්ගේ පිරිවැය වාහනයකට ඩොලර් 2,400 කින් අඩු කරන බවත් සඳහන්.




