MILAN – 26 හා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් හීදි

ඉන්දීයානු නාවික හමුදාව විසින් 13 වැනි වරට සංවිධානය කරනු ලබන MILAN – 26 හා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය – 2026, බහුපාර්ශික නාවික අභ්‍යාසය , මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය හා බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් පෙබරවාරි 18 වැනිදා සිට 26 වැනිදා පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගර සහ නන්දිමිත්‍ර නෞකා ද්විත්වය කොළඹ වරායෙන් පිටත්වුණා.
“සුහදත්වය, එකමුතුකම සහ සහයෝගීතාවය” යන තේමාව රැගත් MILAN – 26 බහුපාර්ශික නාවික අභ්‍යාසය සහ “සාගර හරහා එක්සත් වීම” යන තේමාව රැගත් ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය, කලාපීය හා කලාපීය නොවන රාජ්‍යයන් රැසක නාවික හමුදා, වෙරළාරක්ෂක බලකා හා සමුද්‍රීය පාර්ශ්වකරුවන්ගේ යුද නෞකා, ගුවන් යානා සහ සබ්මැරීන සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කළා.

Share