ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට ඉඩදීමට එරෙහි පෙත්සමට අදාළව හිටපු ජනපතිවරුන් දෙදෙනෙකුට සහ වත්මන් ජනපතිට නොතීසි

මෙරට කාන්තාවන්ට හා පිරිමින්ට ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව තම අභිලාෂය පරිදි සැත්කම් මගින් ලිංගික අනන්‍යතාවය වෙනස් කර ගැනීම සඳහා පහසුකම් සලසමින් ක්‍රියාත්මක කරන වැඩසටහන් හා නිකුත් කර ඇති චක්‍රලේඛ නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා එහි උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත රණවිරුවකු වන ශාන්ත ජයතිලක මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ පෙත්සමක් සලකා බැලූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නා.

Share