‘‘Doing Well by Doing Good’’ තේමාව වෙනුවෙන් කැපවුණු මාස්ටර්කාඩ් විසින් ලංකාව තුළ යහපත් වෙනසක් ඇති කිරීම උදෙසා තවත් සුවිශේෂී සත්කාරක ව්‍යාපෘතියක් දියත් කළා.
ඒ අනුව ‘ජීවිතයක් වෙනුවෙන් Tap for Change’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියෙන් එදිනෙදා ගෙවීම් කටයුතු හරහා ජීවිතවලට සවියක් වන්නට අවස්ථාව උදා කර දී තිබෙනවා
ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත් වුණා
සාමය, සංහිඳියාව සහ සාමූහිකව මනුෂ්‍යත්වය පෝෂණය කිරීමේ අරමුණින් පිහිටුවන ලද Colours of Courage අරමුදල සමඟ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර පිළිකා රෝගීන්ට සහාය වීම සඳහා ප්‍රජාව ඒකරාශී කිරීම, ඔවුන්ට රැකවරණය සැලසීම සඳහා අවස්ථා පුළුල් කිරීම යන කරුණු සඳහා මෙම අරමුදල දායකත්වය සපයනු ලබනවා .





