ජනප්‍රිය නිරුපණ ශිල්පිනියක වන පියුමි හංසමාලිගෙ පුතා සහ තවත් පුද්ගලයෙකු විසින් යම් පුද්ගලයෙකුට සිදු කරන පහරදීමක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බව වැලිකඩ පොලිසිය පවසනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් කිසිම සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.
යම් පුද්ගලයෙක් සවලකින් තවත් අයෙකුට පහරදෙන දර්ශන ඇතුළත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරනවා.
සමාජ මාධ්‍යයේ මේ දිනවල බහුලව හුවමාරු වන වීඩියෝවක්.
මෙහි දී තමන්ට පහර නොදෙන ලෙස කරන ආයාචනාව ද නොසලකමින් එක් පුද්ගලයෙකු සවලකින් තවත් පුද්ගලයෙකුට පහර දෙන අයුරු දක්නට ලැබෙනවා.
ඔහු පසුපස එළවා ගොස් අදාළ පුද්ගලයා පහර දීම සිදුකරන ආකාරයද මෙම වීඩියෝවේ දැක්වෙනවා.
සමාජ මාධ්‍ය තුල වේගයෙන් සැරිසරන මෙම විඩියෝව පිළිබඳව වඩාත් කතාබහට ලක්ව ඇත්තේ එම පහරදීම සිදුකරන අවස්ථාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන පියුමි හංසමාලිගේ පුත්‍රයාද එම පහර දීමට එක්වීම නිසාවෙන්.
කෙසේ වෙතත් මෙහිදී පහර කෑමට ලක්වන පුද්ගලයා ඊයේ දින වැලිකඩ පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කළා.
ඔහු එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ මෙම සිදුවීම මීට මාස දෙකකට පෙර සිදුවූවක් බැවින් ඒ පිළිබදව පොලිසියට පැමිණිලි නොකළ බවයි.
කෙසේ වෙතත් මේ දිනවල අදාළ වීඩියෝව සමාජ මාධ්‍යයේ වේගයෙන් සැරිසැරීම හේතුවෙන් තමන් ලැජ්ජාවට පත්වී සිටින බවද ඔහු පොලිසියට සඳහන් කර තිබෙනවා.
තමන්ට පහර දුන් දෙදෙනෙකු හඳුනන බව, පොලිසියට පවසා ඇති ඔහු පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පියුමි හංසමාලිගේ පුත්‍රයාද ඒ අතර සිටින බවයි.
කෙසේ වෙතත් එහි සිටි සෙසු පුද්ගලයින් ගැන මතකයක් නොමැති බවටත් ඔහු පොලිසියට පවසා තිබෙනවා.
මෙම පහරදීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විමර්ශනයක් සිදු කරනවා.




