බංග්ලාදේශය, එක්සත් ජනපදය සමග නව වෙළෙඳ ගිවිසුමකට එලැඹ තිබෙනවා.
මෙම ගිවිසුමෙන් පසු බංග්ලාදේශයට පනවන ලද එක්සත් ජනපද තීරුබදු අනුපාතය 19% දක්වා පහත දමා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා.
නව ගිවිසුම යටතේ ඇමරිකානු අමුද්‍රව්‍ය භාවිතයෙන් නිමවන ලද තෝරාගත් ඇඟලුම් සඳහා තීරුබදු නිදහස් කිරීමක් ද ඇතුළත් බවයි පැවසෙන්නේ
ඉකුත් අප්‍රේල් මාසයේදී අමෙරිකාව අන්‍යෝන්‍ය තීරුබදු යටතේ බංග්ලාදේශයට 37%ක තීරුබදු පැනවූ අතර, 2025 අගෝස්තු මාසයේදී එම අනුපාතය 20% දක්වා සංශෝධනය කරනු ලැබුවා.
එය නැවතත් 19% දක්වා අඩු කෙරුණේ, බංග්ලාදේශ මහ මැතිවරණයට දින කිහිපයකට පෙර වීම විශේෂත්වයක්




