වී මිලදී ගැනීම සඳහා රජයේ කිසිදු වැඩපිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් තම අස්වනු ඉතා අඩු මිලකට මෝල් හිමියන්ට අලෙවි කිරීමට සිදුව ඇති බව ප්‍රදේශ කිහිපයක ගොවින් චෝදනා කරනවා.
ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ ගොවියාට සාධාරණයක් වන ලෙස රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි.
මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
නමුත් අස්වනු මිලදී ගැනීම සඳහා රජයේ කිසිදු වැඩ පිළිවෙලක් නොමැති බව ගොවීන් චෝදනා කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය තුළ වී අස්වැන්න අඩු මිලට පෞද්ගලික මෝල් හිමියන්ට ලබා දීමට සිදුව ඇති බවයි.
මේ වන විට පෞද්ගලික මෝල් හිමියන් වී මිලදී ගන්නේ රුපියල් අසූවක් වැනි ඉතා අඩු මිලකටයි.
නියමිත කාල සීමාවලදී පොහොර සහනාධාරය ලබා නොදීම හේතුවෙන් අපේක්‍ෂිත අස්වැන්න ලබාගැනීමට නොහැකි වූ බව ද ගොවීන් පෙන්වා දෙනවා.
ඒ අනුව ගොවියාට සාධාරණයක් වන පරිදි වී මිලදී ගැනීමට හෝ යාන්ත්‍රණයක් සකස් කරන්නැයි ඔවුන් ඉල්ලා සිටිනවා.
අම්පාර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල.ගොවීන්ද මේ තත්ත්වයට මුහුණ පා සිටිනවා.
මේ අතර මැදිරිගිරිය යාය 03 ප්‍රදේශයේ කවුඩුලුගම ප්‍රදේශයේ ගොවින්ට සිය කුඹුරු මුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට දැඩි පරිශ්‍රහයක් දැරීමට සිදුව තිබෙනවා.
මේ දිනවල පිදෙමින් පවතින කුඹුරු මුවන් විසින් කා දමනු ලබන බවට ගොවීන් මැසිවිලි නඟනවා





