පාසල් ක්‍රිකට් ප්‍රවර්ධනය සඳහා ප්‍රධාන පෙලේ පාසල් ක්‍රිකට් තරගාවලි 6ක්

ඩයලොග් ආසියාටා පී.එල්.සී සමාගම විසින් පාසල් ක්‍රිකට් ප්‍රවර්ධනය සඳහා ප්‍රධාන පෙලේ පාසල් ක්‍රිකට් තරගාවලි 6ක් සඳහා අනුග්‍රහක දායකත්වය පිරිනැමීම නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය දා පැවැත්වුවා.
කොළඹ රාජකීය විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාල අතර පැවැත්වෙන 147වැනි නිල් මහ සටන, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලය අතර 92 වැනි ශාන්තුවරයන්ගේ සටන, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ ධර්මරාජ විදුහල් අතර පැවැත්වෙන 119 වැනි සුලෝහිත සංග්‍රාමය, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 74 වැනි රන් සටන, ශාන්ත ආනා විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය අතර පැවැත්වෙන 42 වැනි ඇතුගල්පුර සටන සහ යාපනය විද්‍යාලය සහ යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාල අතර පැවැත්වෙන තරගාවලිය සදහා ඩයලොග් අනුග්‍රාහකත්වය පිරිනැමුනා.

මෙම අවස්ථාව සඳහා පාසල් ක්‍රිකට් කණ්ඩායම්වල නායකයින් සහ විදුහල්පතිවරුන් එක්ව සිටියා.

Share