කොළඹ සහිරා විද්‍යාලයට නව ක්‍රීඩා සංකීර්ණයක්

කොළඹ සහිරා විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද ක්‍රීඩා සංකීර්ණය ඊයේ සිසු අයිතියට පත් කෙරුණා.
මෙම ක්‍රීඩා සංකීර්ණය සඳහා සියලු පහසුකම් වලින් සමන්විත ස්කොෂ් පිටියක්, බැඩ්මින්ටන් පිටියක්, පැසිපන්දු පිටියක්, ව්‍යායාම ශාලාවක් සහ බොක්සිං වළල්ලක් ද ඇතුළත්.
මෙම අවස්ථාවට බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ නිලධාරීන් පිරිසක් සහ ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ්ස් සහ කාගිල්ස් සිලෝන් පීඑල්සී ආයතනයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.
මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා රුපියල් මිලියන 300කට අධික මුදලක් වැය කර තිබෙනවා.

Share