ලංගම බස් රථ රියදුරෙකුට පෞද්ගලික බස් රථ රියදුරුරෙකු සහ කොන්දොස්තරවරයෙකු පහරදෙයි

ඩයගම සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද ලංගම බස් රථයක රියදුරුරෙකුට එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු පහර දෙන අයුරු ජංගම දුරකතනයක සටහන්ව තිබුණා

ලිදුල මෙරායා නගරය ආසන්නයේදී මෙම පහරදීම සිදු කර ඇත්තේ, ලංගම බස් රථය විනාඩි 5කට පෙර ධාවනය කළේ යැයි පවසමින් බව අප වාර්තාකරු සදහන් කළා.

Share