පවුල් දෙකක් අතර ඇති වූ ගැටුමකින් 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ පදිංචි පවුල් දෙකක් අතර ගැටුමක දී පහර කෑමට ලක්වූ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

ඝාතනයට ලක්ව ඇත්තේ 21 හැවිරිදි තරුණයෙකු වන අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවන් සිව් දෙනෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය සදහන් කළා.

Share