ඉන්දීය අගමැති මෝදි නිල සංචාරයක් සඳහා මැලේසියාවට

නිල සංචාරයක් ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැලේසියාවට ගොස් තිබෙනවා.
සංචාරය ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලේ, තම ‘මිතුරෙකු’ වන මැලේසියානු අගමැතිගේ ආරාධනයෙන් මැලේසියාවට පැමිණි බවයි.
එහිදී ගැඹුරු ආරක්ෂක සබඳතා පිළිබඳව ඉන්දියාව අවධානයෙන් සිටින බවත් ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ආර්ථික, නවෝත්පාදන සහ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවත් අගමැති මෝදි පවසනවා.
අගමැති මෝදී වැඩිදුරටත් පවසා ඇත්තේ ඉන්දියාව සහ මැලේසියාව අතර ඓතිහාසික සබඳතා මෑත වසරවලදී ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවයි.
ලෝකයේ විශාලතම ඉන්දියානු ඩයස්පෝරාවලින් එකක් මැලේසියාවේදී දැක ගැනීමට තමා උනන්දු වන බවද අගමැති මෝදි ප්‍රකාශ කර තිබෙනවා.

Share