සුරාබදු ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීම සඳහා වන ඩිජිටල්කරණ සහ නව්‍යකරණ වැඩපිළිවෙළට සියලු වෘත්තීය සමිතිවල එකඟතාව

සුරාබදු ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීම සඳහා වන ඩිජිටල්කරණ සහ නව්‍යකරණ වැඩපිළිවෙළට සියලු වෘත්තීය සමිතිවල එකඟතාව පල කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ජනධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර පැවති සාකච්ඡාවක්දී මෙම එකඟතාව පළ වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළා.

සුරාබදු දෙපාර්තමේන්තුව තුළ කාර්යක්ෂමතාවය වැඩි කිරීමෙන් ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රමුඛ අරමුණ වී තිබෙනවා

ඒ සඳහා වූ ඩිජිටල්කරණ ක්‍රියාවලිය, නව ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඩිජිටල්කරණය මගින් කාර්යක්ෂමතාවය වර්ධනය, මානව සම්පත් සංවර්ධනය හා නිලධාරීන්ගේ සුබ සාධන කටයුතු සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා.

මේ අතර සුරාබදු ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීම සඳහා වන ඩිජිටල්කරණ සහ නව්‍යකරණ වැඩපිළිවෙළට සියලු වෘත්තීය සමිතිවල එකඟතාව පල කර තිබෙනවා.

Share