අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. අවසන් මහා තරගය සුදුසුකම් ලබා ගත්තේ ඉන්දියාව සහ එංගලන්තයයි. නිදහස් සංඛ්‍යාත ඔස්සේ තරගාවලියේ දේශිය නිල විකාශන අයිතිය ටීවී සුපුීම් වෙත හිමි ව තිබෙනවා.
එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් මහා තරගය අද පස්වරු 1ට සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගණයේදී ඇරඹීමට නියමිතව තිබෙනවා.
අවසන් පූර්ව වටයේදී ඔස්ට්‍රේලියාව ලකුණු 27කින් පරාජය කරමින් එංගලන්ත කණ්ඩයම සහ ඇෆ්ගනිස්ථානය කඩුළු 7කින් පරාජය කරමින් ඉන්දියාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවා.
ඉන්දියාව මෙවර 19න් පහළ අවසන් මහා සටනට එක්වන්නේ 10 වැනි වරටයි.
එම අවස්ථා 10දී පස් වතාවක් ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ඉන්දියාව වුණා.
එංගලන්ත කණ්ඩායම මෙවර 19න් පහළ අවසන් මහා සටනට එක්වන්නේ තෙවැනි වතාවටයි.
ඔවුන් මීට පෙර එක්වරක් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
ඒ, මීට වසර 28කට පෙර 1998 වසරේදීයි.
අවසන් මහා තරගයකදී ඉන්දියාව සහ එංගලන්තය අවසන්වරට හමුවූයේ 2022 වසරේදියි.
එම තරගයේදී ඉන්දීය කණ්ඩායම එංගලන්තය පරදා කඩුළු 4ක ජයක් ලැබුවා
මෙවර තරගාවලියේ මූලික වටයේදී ඉන්දියාව ‘බී’ කාණ්ඩයෙන් සහ එංගලන්තය ‘සී’ කාණ්ඩයෙන් තරග වැදුණු අතර, දෙපිලම එම කාණ්ඩවල පෙරමුණ ගනිමින් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබුවා.
සුපිරි 6 දෙනාගේ වටයේදී දෙපිලම දෙවැනි කාණ්ඩයෙන් තරග කළ අතර, අපරාජිතයින් ලෙස ඔවුන් අද පස්වරුවේ සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගණයේදී 19න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගයේදී හමුවීමට නියමිතයි.





