රුසියානු යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාවේ මැදිහත්වීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබි නුවරදී පැවැත්වූ ත්‍රෛපාර්ශ්වික දෙවැනි වටයේ සාකච්ඡා සාර්ථකව අවසන් වී තිබෙනවා.
එහිදී දෙපාර්ශ්වය අතර මහා පරිමාණ සිරකරු හුවමාරුවක් සම්බන්ධව එකඟතාවක් පළවී ඇති අතර, යුද්ධයේ ප්‍රධාන මාතෘකාවන් වූ සටන්විරාමයක් ඇතිකරගැනීම සහ භූමිය බෙදාගැනීම සම්බන්ධව ද සාකච්ඡා වී ඇතැයි සඳහන්.
ජාතික අභිමානයට හානියක් නොවන පරිදි දිගුකාලීන සාමයක් උදෙසා සාකච්ඡාවලට සම්බන්ධ වූ බව යුක්‍රේන නියෝජිතයින් පවසනවා.
මේ අතර මැදිහත්කාරී රාජ්‍යයන් ලෙස අමෙරිකාව සහ එමීර් රාජ්‍යය ලබාදෙන දායකත්වය ඇගයීමටත් යුක්‍රේනය කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් සාකච්ඡාවේ ප්‍රගතිය සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් අනාවරණ කර නැහැ.





