මත් වූ බස් සේවකයින් සොයන මෙහෙයුම

මෙරට ප්‍රවාහන සේවය විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වා ගැනීම නීති රීති හරහා පමණක් නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා
අද සිට බලාත්මක කෙරෙන මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මේ අතර මත්ද්‍රව්‍ය භාවිත කරන බස් රථ සේවකයින් හදුනාගැනීමේ වැඩසටහන් අදත් ක්‍රියාත්මක වනවා.ක ගමනා ගමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතුයි.

සේවා කාලය අතරතුර මත්ද්‍රව්‍ය භාවිත කර සිටින බස් රථ සේවකයින් හඳුනා ගැනීමේ මෙහෙයුම් පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක වනවා.
ඒ යටතේ මොරටුව ප්‍රධාන බස් නැවතුම්පොලේ අද පෙරවරුවේ හදිසි පරික්ෂාවක් සිදු කෙරුණා. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය,ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්වයි.

මේ අතර ජාතික ගමනා ගමන කොමිෂන් සභා පනතට අනුව මගී සේවා අවසර පත්‍ර පැවරීමට අවස්ථාවක් නොතිබූ එවැනි පැවරීමක දී බලපත්‍රය ශුන්‍ය වනවා.
කෙසේ වෙතත් බස් කර්මාන්ත හිමියන් ප්‍රායෝගිකව මුහුණ දෙන ගැටළු සලකා බලා පනත සංශෝධනය කර ඒ සඳහා වන විධි විධාන හඳුන්වා දෙනු ලැබූ අතර ඊට අදාළ ගැසට් නිවේදනය අද සිට බලාත්මක කර තිබෙනවා.
පැවරුම්ලාභියාගේ පසුගිය මාස හයක කාල සීමාව තුල මූල්‍යමය ශක්‍යතාව රුපියල් මිලියන දෙකක උපරිමයට යටත්ව තිබිය යුතු අතර බලපත්‍රය හිමි බස් රථ පැවරුම්කරු විසින් පැවරීමට අවශ්‍ය මූලික ලේඛන මාර්ගගත ක්‍රමය හරහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතුයි.

Share