ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර න්‍යෂ්ටික සාකච්ඡා සිකුරාදා උදෑසන ඕාමානයේ මස්කට්හිදී පැවැත්වීමට නියමිත බව දෙරටේම නියෝජිතයන් තහවුරු කර තිබෙනවා.
මෙම රාජ්‍ය තාන්ත්‍රික උත්සාහය ගෙන තිබෙන්නේ එක්සත් ජනපදය මැද පෙරදිග හමුදා බලය ගොඩනඟමින් සිටින සහ කලාපයේ යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවට බොහෝ දෙනා බිය පල කරන මිලිටරි ගැටුමක් වළක්වා ගැනීමට උත්සාහ කරන පසුබිමකයි.
මෙම සාකච්ඡාවේදී තම න්‍යෂ්ටික වැඩසටහන සහ සම්බාධක ඉවත් කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කරන බවයි ඉරානය අවධාරණය කරන්නේ.
කෙසේ වෙතත් සාකච්ඡාවට එක්වන කණ්ඩායමේ සංයුතිය මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ වී නැහැ.
තායිවානයට අවි සැපයීමේදී එක්සත් ජනපදය විචක්ෂණශීලී විය යුතු බව ෂී ජින් පින් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සිදුකළ දුරකතන සංවාදයකදී චීන ජනාධිපතිවරයා විසින් චීන ඇමෙරිකානු සබඳතාවල ප්‍රධාන ගැටලුව ලෙස තායිවානය හඳුන්වා තිබෙනවා.
මේ අතර, වොෂින්ටනය සමඟ සබඳතාවලට “ඉතා වැදගත්කමක්” ලබා දෙන බවත්, දෙපාර්ශ්වයම ඔවුන්ගේ වෙනස්කම් විසඳා ගැනීමට මාර්ග සොයා ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එහිදී ප්‍රකාශ කර තිබෙනවා.





