එ.ජා.ප. ඩිජිටල්කරණය කිරීමේ, “Smart UNP” සමාරම්භක උත්සවය සිරිකොත එ.ජා.ප. මූලස්ථානයේදී

එක්සත් ජාතික පක්ෂය ඩිජිටල්කරණය කිරීමේ, “Smart UNP” සමාරම්භක උත්සවය අද පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.
ඒ එක්සත් ජාතික පක්ෂ නායක ,හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පක්ෂයේ ජේෂ්ඨ නායකයන් විසින් එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක නායකයන්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර දක්වමින් උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණා
ශ්‍රී ලංකාව පුරා සියලුම මැතිවරණ කොට්ඨාශ ආවරණය වන පරිදි ඩිජිටල් පාලක සම්බන්ධීකාරකවරුන් පත් කිරීම මෙහිදී සිදු කෙරුණු අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේ Starlink අධිවේගී අන්තර්ජාල සබඳතාව ස්ථාපනය කළා.

Share