World Federation of Consuls 2026 දකුණු ආසියානු කලාපීය සමුළුව ඊයේ කොළඹ දී ආරම්භ වෙයි

ශ්‍රී ලංකා රජය පැහැදිලි ප්‍රතිපත්ති රාමුවක් හරහා ආර්ථික, සමාජීය සහ පාරිසරික අභියෝගවලට මුහුණ දීමට කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ පැවති ජාත්‍යන්තර සමුලුවක් අමතමින්.
World Federation of Consuls 2026 දකුණු ආසියානු කලාපීය සමුළුව ඊයේ කොළඹ දී ආරම්භ වුණා.
කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ දකුණු ආසියාවේ තිරසාර සංවර්ධනය සඳහා නව මාර්ග ගවේෂණය කිරීම අරමුණු කරගනිමින් මෙම සමුළුව පැවැත්වෙනවා.

Share